-5.9 C
New York

යුගදනවි කැබිනට් තීරණයට එරෙහිව කැබිනට් ඇමතිවරු තිදෙනෙක් අධිකරණයට යාමේ සූදානමක්

Published:

යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමේ දී වෙනත් නීතිඥ මණ්ඩලයක් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරු තීරණය කර තිබේ.

‍යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට එරෙහිව පෙත්සම් පහක් ගොනු කර ඇති අතර එම පෙත්සම් නොවැම්බර් 26 වැනි දා සළකා බැලීමට නියමිතය.

මෙම පෙත්සම් සළකා බැලීමේ දී කැබිනට් මණ්ඩලය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන්ගෙ විශේෂ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිල නිවසේදී පසුගිය 17 වැනි දා රාත්‍රී පැවැති අතර වෙනම නීතිඥයන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමට තීරණය කර ඇත්තේ එම සාකච්ඡාවේ දී ය.

එම ගිවිසුම සම්බන්ධ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ ආකාරය ප්‍රශ්නකාරී එම අමාත්‍යවරු අධිකරණයට පවසන බව ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img