බොරතෙල් ආනයනය කිරීමට වඩා පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනය කිරීම ඩොලර් කළමනාකරණයේ දී වැදගත් බවත් එය වඩාත් ලාභදායී බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියයි.
ඔහු මේ බව කියා සිටියේ අද (18) මාධ්‍ය හමුවක් පවත්වමිනි.
ඔහු පවසන්නේ බොරතෙල් ආනයනය කර පිරිපහදු කිරිමේ දී රුපියල් පහක ලාභයක් ලැබුණ ද ආනයන භාණ්ඩවලට පැනවෙන බද්ද පිරිපහදු කළ ඉන්ධනවලට අඩු බැවින් රුපියල් 15ක පමණ ලාභයක් ඇති බවයි.
“පෙට්‍රල් සහ ඩීසල් සෘජුව ආනයනය කිරිමේ දී බැරලයකට ඩොලර් 93.65ක මුදලක් වැය වෙනවා. එම ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට බොරතෙල් ආනයනයට ඩොලර් 197ක් හෙවත් ඊට වඩා දෙගුණයක් වැය වෙනවා. පිරිපහදුවේ ඉතිරිවන දැවි තෙල් සහ නැප්තා මේ වනවිට ප්‍රයෝජනයට නොගන්නා නිසා සෘජු පෙට්‍රල් සහ ඩීසල් ආනයනය වඩාත් ලාභදායී කාර්යයක්. පරිපහදුවේ දී දැවි තෙල් සහ නැප්තා 37%ක් ඉතිරි වෙනවා. පවතින අධික වර්ෂාව නිසා විදුලිබල මණ්ඩලය දැවි තෙල් හා නැප්තා මිල දී ගන්නේ නැති නිසා දැනට ටොන් 13,500ක් ටැංකිවල එකතු වී තිබෙනවා. තෙල් පිරිපහදුවත් යල්පැන ගිය එකක් නිසා බොරතෙල් බැරයකින් පෙට්‍රල් 14%ක් සහ ඩීසල් 29%ක් පමණයි නිෂ්පාදනය කිරීමට හැකි වෙන්නේ.”
පෙට්‍රල් සහ ඩීසල් බැරලයක් නිෂ්පාදනයට බොරතෙල් බැරල් 2.32 අවශ්‍ය බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඩීසල් බැරලයක් ඩොලර් 93 ක් සහ පෙට්‍රල් බැරලයක් ඩොලර් 95 ක් වන බවයි.
පිරිපහදුවත් ලගදිම විකුනනවා ශුවර්