spot_img
spot_imgspot_img

කාලගුණෙන් රතු නිවේදනයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවට ඊසාන දිශාවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙවන් මන්නාරම සිට කන්කසන්තුරය හා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ සහ අරාබි මුහුදු කලාපයේ ‍ගැඹුරු හා නොගැඹුරු මුහුද ආශ්‍රිත ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එම අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව ගමන්කර අද (18) දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ඇතුළුවන බව ද දැනුම් දී තිබේ.

මේ අතර නැගෙනහිර – මධ්‍යම අරාබි මුහුදේ පවතින අඩුපීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර ඉදිරි පැය 48 තුළ හොඳින් වර්ධනය ව අඩුපීඩන තත්ත්වයක් බවට පත්වීමට ඉඩ ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.  එමෙන් ම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 පමණ දක්වා වැඩි විය හැකි බව ද දක්වා ඇත.

එමෙන්ම ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-55 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!