-4.8 C
New York

බොර තෙල් නෑ. සපුගස්කන්ද වසා දමයි ?

Published:

පිරිපහදු කිරීම සඳහා තවදුරටත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙන බව වාර්තාවෙයි.

බොරතෙල් නොමැතිවීමෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ පිළිබඳ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල දෙදෙනාගෙන් විමසූ විට ඔවුන් පවසන්නේ හෙට (15) මාධ්‍ය හමුවක් පවත්වා පැහැදිලි කරන බවයි.  

බොරතෙල් නොමැතිවිම හේතුවෙන් තෙල් පිරිපහදුව වසා දමන බවත් බොරතෙල් රැගත් නැවක් යළි පැමිණෙන්නේ දෙසැම්බර් මස තුන්වැනි සතියේ බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පවසයි.

දෙසැම්බර් මස පැමිණීමට නියමිත නැවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ලැබීමට නියමිත බවත් එය දින 15කට පමණක් ප්‍රමාණවත් වනු ඇති බවත්  වෘත්තිය සමිති පෙන්වා දෙයි. ඉන් පසු යලි බොරතෙල් මෙරටට ලැබෙන්නේ ජනවාරි මාසයේ මැද දී ය.

මේ පිළිබඳ විමසූ විට අමාත්‍ය උදය ගම්මන්පිළ පවසන්නේ කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බවයි. රටට අවශ්‍ය තෙල් තොග රටතුළ පවතින බවත් හිඟයක් ඇතිවන්නේ නම් තමන් ඒ බව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

spot_img