-4.8 C
New York

2022 අයවැය අද පාර්ලිමේන්තුවට

Published:

ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය අද (12) සවස 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි.

2022 වර්ෂය සඳහා වන මෙම අයවැය ගෝඨාභය රාජපක්ෂ රජයේ දෙවැනි අයවැයයි. විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 07 වැනි දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව හෙට (13) සිට ලබන 22 වනදා දක්වා පාර්ලිමේන්තුවේ දින 07ක කාලයක් අයවැය දෙවනවර කියවිමේ විවාදය පැවැත්වෙයි. ඉන් අනතුරුව දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම සිදුකිරිටමට නියමිතය.

අයවැය ඉදිරිපත් කරන කාලසීමාව තුළ මහජන ගැලරිය මහජනතාවට විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් සහභාගීවීමට අවස්ථාව ලබාදී ඇතැයි ද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කීවේය.

Related articles

Recent articles

spot_img