-2.1 C
New York

චීනයේ ඊසානදිග ප්‍රදේශ වලට හිම කුණාටු

Published:

චීනයේ ඊසානදිග ප්‍රදේශ වලට හිම කුණාටු සහිත දැඩි හිම පතනයක් ලැබී ඇතැයි වාර්තා වෙයි. ලියොනිංග් පළාතේ ෂෙන්යැං අගනුවර සාමාන්‍ය හිම පතනය 51cm (අඟල් 20) දක්වා ඉහල ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

1905 වසරෙන් පසු වාර්තා වූ ඉහළම හිමපතනය මෙය බව ෂිංහුවා ප්‍රවෘත්ති සේවය පවසයි.

අසල්වැසි මොංගෝලියාවේ දැඩි හිම කුණාටුවකින් එක් පුද්ගලයෙකු මිය ගිය අතර 5,600 කට වැඩි පිරිසක් පීඩාවට පත් විය.

මොංගෝලියාවේ ටොංලියාඕ නගරයේ කාලගුණ විද්‍යා පර්යේෂකයන් පැවසුවේ හිම කුණාටුව අතිශයින්ම අහඹු සහ හදිසි ආන්තික කාලගුණික සිදුවීමක් බවයි.

අභ්‍යන්තර මොංගෝලියාව සහ ඊසානදිග චීනය හරහා රතු අනතුරු ඇඟවීම් 27ක් නිකුත් කර ඇත. මෙය හිම කුණාටු පිළිබඳ ඉහළම අනතුරු ඇඟවීමයි.

ඉරිදා ආරම්භ වූ සීතල රැල්ල හේතුවෙන් ඊසානදිග චීනයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය අවම වශයෙන් අංශක 14 කින් පහත වැටුණි.

ලියොනිංග් හි, අධික හිම පතනයෙන් ගමනාගමනයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, බොහෝ අධිවේගී මාර්ග ගාස්තු මධ්‍යස්ථාන අඟහරුවාදා වන විට වසා තිබිණි.

https://www.bbc.com/news/world-asia-china-59243836

Related articles

Recent articles

spot_img