spot_img
spot_imgspot_img

කොළඹ – මහනුවර මාර්ගයේ කොටසක් වසා දමයි. විකල්ප මාර්ග යොදා ගන්නයැයි ඉල්ලයි

පුවත්

විදෙස්

මහ වැසි හේතුවෙන් ඇති වූ නායයාමේ අවදානම නිසා කොළඹ – මහනුවර මාර්ගයේ කොටසක් නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් ම වසා දැමීමට කටයුතු කර ඇත.

ඒ අනුව ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව දක්වා වූ මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය මෙලෙස වසා දමා ඇත.

ජාතික ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය පවසන්නේ එම ප්‍රදේශය නායායමේ දැඩි අවදානමක් පවතින බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලිසිය කොළඹ සහ මහනුවර මාර්ග‍යේ ගමන්කරන ජනතාවට දැනුම් දී ඇත.

විකල්ප මාර්ග

  1. මහනුවර දෙසට ගමන්කිරීමේ දී අඹේපුස්ස හන්දියෙන් කුරුණෑගල දක්වා ගමන්කර මාවතගම, ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවර දක්වා ද කොළඹ දෙසට ගමන්ගන්නා වාහන සඳහා ද එම මාර්ගයම ද භාවිතා කිරීමට හැකියාව ඇත.
  2. අඹේපුස්ස සිට පහළ කඩුගන්නාව දක්වා වෙසෙන ජනතාවට මාවනැල්ල නගරයෙන් එස්.ඕ. හන්දියෙන් දකුණට හැරී හෙම්මාතගම මාර්ගයේ හෙම්මාතගම දක්වා ගමන්කර අ‍ම්බුළුවාව, ගම්පොළ, පේරාදෙණිය හරහා මහනුවර දක්වා ද කොළඹ දෙසට ගමන්ගන්නා වාහන සඳහා ද එම මාර්ගය ද භාවිතා කිරීමට හැකියාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!