-0.8 C
New York

රටම රෝගී ප්‍රදේශයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Published:

සමස්ත ශ්‍රී ලංකාව කොවිඩ් 19 රෝගී ප්‍රදේශයක් ලෙස නම්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අනුව නිසි බලධාරියකුගේ අවසරයකින් තොරව ජනතා ඒකරාශීවීම් සහ රැස්වීම් පැවැත්වීම වළක්වා තිබේ.  

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතු කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඉදිරියේ දී කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලීමේ නීති ගෙන එන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img