-5.2 C
New York

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ලොක්කෙක් රිමාන්ඩ්

Published:

කාන්තාවකගෙන් ලිංගික අල්ලස් හා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් ස්ථානාධිපතිවරයකු ලබන 16 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල ඊයේ (10) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයාය. එම කාන්තාවගෙන් ලිංගික අල්ලස් හා මුදල් අල්ලස් ඉල්ලීමේ සිද්ධියට අදාල වීඩියෝ දර්ශන සහිත සීඩී පටියක් ද අල්ලස් කොමිසම විසින් අධිකරණනයට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ සැකකරු සතුව තිබී උපත්පාලන පෙති උපායදූතයන් විසින් සොයාගෙන ඇති බවයි.

අධිකරණයේ දී ප්‍රකාශ වූයේ පැමිණිලිකාර කාන්තාව තම සැමියාගෙන් වෙන්ව ජිවත්වන බවයි. ඇය සතුව ඇති අක්කර 07ක ඉඩමක තිබූ ආරවුලක් විසදීමට පොලිස් ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ දෙකක මුදලක් හා ලිංගක අල්ලසක් ඉල්ලූ බවත් එයට එකඟ නොවූ විට ව්‍යාජ පැමිණිල්ලක් කර පැමිණිලිකාරිය රක්ෂිත බන්ධනාගාරගත කිරිමට පවා ක්‍රියාකර ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් විය.

පසුව ඇප මත මුදාහැරුණු කාන්තවගෙන් යළි ලක්ෂයක මුදලක් හා ලිංගික අල්ලස් ඉල්ලූ බවත පැමිණිලිකාරිය විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල කර තිබේ. ඉන් අනුතුරුව අල්ලස් කොමිසමේ උපදෙස් මත ඇය සැකකරු සමඟ පුත්තල‍මේ හෝටලයකට ගොස් එහි කාමරයක් තුළ සිටිය දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් පසු පුත්තලම මහේස්ත්‍රාත් අධිිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Related articles

Recent articles

spot_img