spot_img
spot_imgspot_img

ආගමික උත්සවවලට අනතුරු ඇඟවීමක්

පුවත්

විදෙස්

විශාල වශයෙන් මහජනතාව ඒකරාශී කරගෙන සිදුකරන ආගමික වැඩසටහන් සංවිධානය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ තලවාකැලේ කෝවිලක ඊයේ (10) පැවැති උත්සවයකට විශාල පිරිසක් සහභාගී වී සිටි බවයි.‍ මෙවැනි ආගමික උත්සවවලින් කොරෝනා වසංගතය තවදුරටත් වර්ධනය වීමේ දැඩි අවධානමක් ඇති බව ද ඔහු පෙන්වාදෙයි.

“තලවාකැලේ ප්‍රදේශයේ කෝවිලක පැවැත්ව මේ උත්සවය සඳහා අවසර අරගෙනත් නැහැ. දැනට නිකුත්කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙවැනි උත්සවයක් පැවැත්වීමට අවසර නැහැ. මේ විදියට සෞඛ්‍ය උපදෙස් කඩකිරීම සම්බන්ධයේන මේ ප්‍රදේශවල පූජකයින්ට සහ ආගමික ස්ථානවලට එරෙහිව අපි නඩු පවරා තිබෙනවා. දැඩි ලෙස අවවාද කර තිබෙනවා. මේ මොහොතේ අපි සියලුම ආගමික නායකයන්ගෙන්, දේශපාලකයන්ගෙන් සහ සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් ඉල්ලා සිටිනවා කොරෝනා පැතිරිමේ අවදානක් තවදුරටත් තිබෙන බැවින් මෙවැනි මහජන ඒකරාශීවීම් සිදුනොකරන ලෙසට.”

1 COMMENT

  1. සතුටුදායක ආරංචියක්… නැති නම් ආගමික නාමයෙන් ආයත් පටන් ගනීවි උත්සව පවත්වන්න. අනිසි බලවෙග එලවන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!