spot_img
spot_imgspot_img

අධික ලාභ ලැබූ සමාගම් කොටස් හිමියන්ට ලාභාංශ නිකුත් කරයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 58,090ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,717ක් බවට පත්විය. අද දිනය තුළ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 160කින් ඉහළ ගිය අතර එය ඒකක 10,522ක් බවට පත්ව තිබිණි.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර අද දින මූලික කොටස් නිකුතුවෙන් පසුව වෙළෙඳ පොළ ගනුදෙනුවලට එක් වූ එක්ස්පැක් සමාගම ‍ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල 8.40ක් මිලට නියම කළ මූලික කොටසක් පළමු දිනයේ දී ම රුපියල් 25.00ක් වැනි ඉහළ අගයකට ගනුදෙනු විය. එක්ස්පැක් සමාගමේ දෛනික කොටස් ගනුදෙනුව රුපියල් මිලියන 1,397ක් ලෙස ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 816ක් ලෙස රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 400ක් ලෙස ද ප්‍රධාන විය.

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පැක් සමාගම කොටස් මිලියන 75යි, පෑන් ඒෂියා පවර්  සමාගම කොටස් මිලියන 47යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 39යි ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර සමස්ත කොටස් වත්කම රුපියල් බිලියන 436 ඉක්ම වූ කොමර්ෂල් ලීසිං සමාගම ද, රුපියල් බිලියන 391ක් ඉක්මවූ එක්ස්පෝර් ලංකා සමාගම ද, රුපියල් බිලියන 313ක් ඉක්ම වූ එල්ඕඑල්සී සමාගම ද පිළිවෙලින් පළමු, දෙවැනි හා තෙවැනි ස්ථානවල රැඳී තිබිණි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එක්ස්පැක්ට් සමාගම 109%කින් ද, ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%කින් ද, ෂෝවොලස් සමාගම 24%කින් ද පෙරමුණ ගෙන තිබිණි.

සංවෘත කවය තුළ ජෝන් කීල්ස් සමාගම කොටස් 610,000ක් රුපියල් 1407.00 බැගින් ද, හැටන් නැෂනල් බැංකුව කොටස් ලක්ෂ 03ක් රුපියල් 170.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද රුපියල් මිලියන 56ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 28 ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් අද දිනය තුළ දී පමණක් රුපියල් මිලියන 28ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබේ.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර එක්ස්පැක්ට් සමාගම රුපියල් මිලියන 08ක් ලෙස ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 07යි. ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 06යි ලෙස ද විදේශ ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර වැලිබල් පවර් සමාගම රුපියල් මිලියන 2.7යි, රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 2.4යි, සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 1.8ක් ලෙස කැපී පෙණිනි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ බොහෝ සමාගම් දෙවැනි කාර්තුවේ ලබාගත් අධික ලාභ හේතුවෙන් විශාල වශයෙන් ලාභාංශ ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව සිලෝන් ටුබැකෝ සමාගම එක් කොටසක් වෙනුවෙන් රුපියල් 15.00ක ලාභාංශයක් ද, මෙල්ස්ටා කොප් සමාගම එක් කොටසක් වෙනුවෙන් රුපියල් 2.70ක ලාභයක් ද, ඩිස්ටරීස් සමාගම එක් කොටසක් වෙනුවෙන් ශත 86ක ලාභාංශයක් ද, වටවල වැවිලි සමාගම එක් කොටසක් වෙනුවෙන් රුපියල් 6.00 ක ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

ලෝක වෙළෙද පොළෙහි පාම් ඔයිල් මිල ගණන් ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කර ඇති අතර ඒ අනුව නමුණුකුල වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම සහ වටවල වැවිලි සමාගමට පාම් ඔයිල් අපනයනය කිරීමෙන් අධික ලාභයක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!