-2.1 C
New York

කොරෝනා පාසල් 04ක් වසා දමයි

Published:

කොරෝනා හේතුවෙන් කැබිති‍ගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04ක් දින 14ක කාලයකට වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ කැබතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනී ආරියවංශ විසිනි.

පාසල් සිසුන් සහ ගරුවරුන් රැසකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ කපුගොල්ලෑව නාමල්වැව, කිඹුල්පැටියාව, කල්පේ රලවනාව හා පදවිය කොක්පැටියාව යන පාසල් හතරක් මෙලෙස වසා දමා ඇත.

කැබිතිගොල්ලෑව සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.එම්.සි.මිහිරංග බණ්ඩාර පවසන්නේ පාසල්වල කොරෝනා පැතිරයාමේ ප්‍රවණතාවක් ඇති බවයි. මීට අමතරව වාහල්කඩ ඩී 2 පාසලේ ගුරුවරියකට ද කොරෝනා ආසාදනය වීම හේතුවෙවන් ඇය සේවය කළ පන්ති තුනක් වසා දමා සිසු සිසුවියන් 38 දෙනකු නිරෝධායනයට යොමු කර ඇත.

කැබතිගොල්ලෑව ප්‍රදේශයේ පසුගිය 08 වැනිදා කරන ලද රැපිඩ් පරීක්ෂණවලින් පුද්ගයන් 26 දෙනකු ආසාදිත බව තහවුරු කරගෙන ඇත. ඔවුන් අතර ගැබිනි කතක් සහ බිළිඳුන් දෙදෙනකු ද සිටනි බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී.රත්නායක පවසන්නේ අනුරාධපුරයේ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි. 08 වැනි දා පමණක් රෝගීන් 250කට වැඩි පිරිසක් වාර්තා වී ඇත.

Related articles

Recent articles

spot_img