spot_img
spot_imgspot_img

ද්‍රවශීලතාව අඩු කොටස් මිල ක්ෂණිකව වෙනස්වීමෙන් ආයෝජකයන්ගේ ‍විශ්වසාය බිඳ වැටේ

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 79,620ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 12,215ක් බවට පත්විය.

අද දිනය තුළ දී පමණක්, සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 259කින් පහළ ගිය අතර එය ඒකක 10,361ක් බවට පත්විය. අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 3,871ක් ද, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2,557ක් ද, රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 1,497ක් ද වාර්තා කළ අතර වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 215යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 160යි, රින් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 112ක් ලෙස සටහන්  විය.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ වටිනාම සමාගම් අතරින් කොමර්ෂල් ලීිසිං සමාගම රුපියල් බිලියන 413ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ ද, එක්ස්පෝ ලංකා සමාගම බිලියන 390ක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයේ ද, එල්ඕඑල්සී සමාගම බිලියන 309ක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයේ ද පසුවිය.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර රිල් ප්‍රොපටි සමාගම 27%කින් ද, සිලෝන් බෙවරේජ් සමාගම 24%කින් ද, එච්එන්බී ෆයිනෑන්න්ස් (NV) 20%කින් ද ඉහළ යන ලදී.

සංවෘත කවය තුළ ඇක්සස් ඉන්ජිනියරින් සමාගම කොටස් මිලියනයක් රුපියල් 25.00 බැගින් ද, ජෝන් කීල්ස් සමාගම කොටස් 250,000ක් රුපියල් 148.00 බැගින් ද, රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 02ක් රුපියල් 10.50 බැගින් ද වැලිබල් වන් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 63.00 බැගින් ද කොටස් ගනුදෙනු විය.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 124ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 76ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ දී පමණක් විදේශ ආයෝජකයන් විසින් ශුද්ධ ලෙස රුපියල් මිලියන 48ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 17යි. හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 12යි, ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 12ක් ලෙස ද විදේශීය ‍ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 09යි, කමර්ෂල් ලීසිිං සමාගම රුපියල් මිලියන 07යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 03යි ලෙස ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ද්‍රවශීලීතාව අඩු සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන අතර එම කොටස්වල මිල ගණන් ක්ෂණිකව ඉහළ පහළ යාමත් සමහර ආයෝජකයන් විශාල ලාභයක් උපයද්දී ඊට සමගාමීව අනෙක් ආයෝජකයන් විශාල අලාභයක් දැරීම ද කැපී පෙනෙන ලක්ෂණයකි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ මෙතෙක් මූලික කොටස් නිකුතුවකට වැඩිම අධි ඉල්ලුමක් එනම් නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය මෙන් 11 ගුණයක ඉල්ලුමක් ඉදිරිපත් වූ එක්ස්පැක්ට් සමාගමේ කොටස් හෙට දිනයේ සිට කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ගනුදෙනු වීමට නියමිත අතර ඒ අනුව රුපියල් 8.40ක මිලට නිකුත් වූ  මූලික කොටසක මිල හෙට දිනයේ අධි ඉල්ලුමක් සහිතව ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති.

එම කොටස් මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 08ක වටිනාකමින් යුතු ඉල්ලුම්පත්‍ර ලැබී තිබිණි.

දම්රෝ සමාගම් සමූහය අගලවත්ත වැවිලි සමාගමේ ඔවුන් සතුව තිබූ කොටස් මිලියන 16ක් විකුණා ඇති අතර රුපියල් මිලියන 520ක වටිනාකමින් යුතු එම ගනුදෙනුවත් සමඟ අගලවත්ත වැවිලි සමාගමෙහි දම්රෝ සමූහයට අයත් කොටස් ප්‍රතිශතය 93% සිට 82% දක්වා පහළ බැස ඇත.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!