-2.1 C
New York

ගංවතුර ගැන රතු නිවේදනයක් නිකුත් කරයි

Published:

මහ වැසි හේතුවෙන් මහ ඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇත.

මේ සම්බන්ධයෙන් රතු නිවේදනයක් ද අද නිකුත්කර තිබේ. ගිරිඋල්ල ජල මාපකයේ අද පෙරවරුවේ මහ ඔය ජල මට්ටම මීටර 8.94ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ඒ අනුව අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, දංකොටව සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට මෙම අනතුරු ඇඟවීම නිකුත්කර ඇති අතර ඔවුන්ට ආරක්ෂිතව සිටින ලෙස ද දැනුම් දී ඇත.

Related articles

Recent articles

spot_img