6.1 C
New York

උඩරට දුම්රිය ගමන අතරමගින් නවතී

Published:

කඩිගමුව දුම්රිය ස්ථානය අසළ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දුම්රිය ධාවනය වන්නේ කොළඹ සිට රඹුක්කන දක්වා පමණි. අධික වර්ෂාව හේතුවෙන් පස් කණ්ඩි කඩා වැටීමෙන් දුම්රිය මාර්ගයේ කොටසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති අතර කඩිගමුව දුම්රිය ස්ථානයේ වේදිකාවෙන් කොටසක් ද කැඩී ගොස් ඇත. පොල්ගහවෙල සහ පනලිය අතර දුම්රිය මාර්ගය ද ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.

Related articles

Recent articles

spot_img