-4.8 C
New York

ආපදා හේතුවෙන් මරණ 06ක්. වැඩිම බලපෑම ගාල්ල දිස්ත්‍රික්කයට

Published:

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයන් 06 දෙනකු මියගොස් 7,167 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිස්ත්‍රික්ක 15ක පවුල් 1,836 ක පුද්ගලයන් 7,167 දෙනකු මෙලෙස පීඩාවට පත්ව සිටියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පීඩාවට පත් පවුල් 58ක පුද්ගලයන් 222ක් ආරක්ෂිත ස්ථානවලට ඉවත්කර ඇති බවයි. එමෙන්ම තවත් පවුල් 157ක පුද්ගලයන් 599 දෙනකු වෙනත් ඥාති නිවෙස්වල රඳවා ඇති බවද වාර්තා වේ.

ආපදා හේතුවෙන් මේ දක්වා වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 377ක පුද්ගලයන් 1,621 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

බදුල්ල, නුවරඑළිය, මාතලේ , මහනුවර, මුලතිව්, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ආපදා තත්වයේන බලපෑම් සිදුව ඇත.

Related articles

Recent articles

spot_img