රජ්ගම දී තමන්ට කිසියම් පුද්ගලයකු විසින් පහරදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් එම ප්‍රචාර සිදුකරමින් තම කීර්ති නාමයට හානි සිදුකරන පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසත් පොලිසියට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් පී. ද සිල්වා පවසයි.
අක්කර 23ක් පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රජ්ගම නගර සැළැස්ම සම්බන්ධ කටයුතු දරාගත නොහැකි පිරිසක්විසින් මෙම ප්‍රචාරය ගෙන යමින් සිටින බ අනාවරණය වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
“වසර 25ක් පුරා කිසිම දූෂණ, වංචා චෝදනා නැති දේශපාලන ඉතිහාසයක් හිමි මගේ කීර්ති නාමයට කැළලක් කිරීමට අපෙක්ෂාවෙන් ගෙනියන අසත්‍ය ප්‍රචාරයක් බව ඉතාමත් පැහැදිලියි. රජ්ගම නගරය හැමදාමත් ඉතා දුක්ඛිත තත්වයක තිබුණා. එය සංවර්ධනය කිරීම යථාර්ථයක් බවට පත්කිරීමේ කටයුතු දැන් ක්‍රියාත්මකයි. මෙය දරාගන්න බැරි පිරිසක් තමන්ගේ නොහැකියාව වසා ගන්න අසත්‍ය ප්‍රචාරයක් ගෙනියනවා. එවැනි සිදුවීමක් කිසිම දවසක සිදුව නැහැ.”
අමාත්‍යවරයා පවසන්නේ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙවැනි පහරදීමක් සම්බන්ධ සිද්ධියක් පිළිබඳ අප rata.lk වෙබ් අඩවිය මගින් ද සොයා බැලුවද එවැනි සිදුවීක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත නොහැකි විය. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත එකිනෙකා හා බෙදා ගන්නන්ගෙන් විමසා බැලුව ද ඔවුන් කිසිවෙකු එහි සත්‍ය අසත්‍යතාවක් ගැන දන්නේ නැත. ඔවුන් පවසන්නේ එය කවුරුන් හෝ විසින් පළකර තිබෙනු දැක තමන් ද හුවමාරු කරගත් බවයි.
