-4.8 C
New York

කොරෝනා යළි වැඩිවෙන ලකුණු

Published:

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළිත් වැඩිවෙමින් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඊයේ (05) මෙරට නිල වශයෙන් වාර්තා කළ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 628කි. අද (06) වාර්තා වූ ආසාදිතයන් සංඛයාව 617 කි. ඒ අනුව දින 20කට පසු කොරෝනා ආසාදිතයන් 600 සීමාව පසුකළ අතර මෙය දිනපතා සිදුවූ ක්‍රමික වැඩිවීමක් බව සෞඛ්‍ය දත්ත පරීක්ෂාකිරීමේ දී පෙනී යයි.

මේ ආකාරයට දෛනික ආසාදිතයන් වැඩිවීම සිදුවුවහොත් යළි සෞඛ්‍ය සීමා පැණවීමට සිදුවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

“සංචරණ සීමා ඉවත් කළත් කොරෝනා සමාජය තුළ තිබෙන නිසා වගකීමෙන් කටයුතු කරන්න කියා අපි ජනතාවට ආයාචනා කළා. නමුත් ඔවුන් ඔවුන් තවදුරටත් වගකීම් විරහිතව කටයුතු කරනවානම් අපිට මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක්‍ යොමු කරන්න සිදුවෙනවා.”

Related articles

Recent articles

spot_img