spot_img
spot_imgspot_img

විපක්ෂ නායකත්, සෞඛ්‍ය ඇමතිනියත් ගැටෙති

පුවත්

විදෙස්

පාර්ලිමේන්තුව අද (20) රැස්වූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය රෙගුලාසි අනුව පාර්ලිමේන්තුවේ දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බව පවසමින් ඒ් පිළිබඳ ප්‍රශ්න කළේය. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට විරෝධය දැක්වීම හේතුවෙන් දෙදෙනා අතර සංවාදය වඩාත් උණුසුම්විය.

විපක්ෂ නායක – ඔක්තෝබර් 15 වැනි දා 2197/25 නමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. සෑම අවස්ථාවක ම මුව ආවරණයක් පැළැඳ සිටිය යුතුයි. තැනැත්තන් දෙදෙනකු අතර මීටර එකකට නොඅඩු දුරස්ථබාවයක් පවත්වාගෙන යා යුතුයි. ඒ වගේ ම මෙම නියෝග කඩකිරීම රෝග වැළැක්වීමේ ආඥා පනතේ හතරවැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් හැටියටත් එම පනතේ පස්වැනි වගන්තියත් 2005 අංක 12 දරණ දඩ වැඩි කිරීමේ පනත යටතේ මාස 12 සිර දඬුවමක් හෝ රුපියල් 2000.00කට නොඅඩු රුපියල් 10,000.00කට නොවැඩි දඩයක් නියම කළ හැකි වරදක් කියා තිබෙනවා. මේ පාර්ලිමේන්තුව රැස්වන මේ අවස්ථාවේ මේ වගේ නීති රීති රෙගුලාසි මේ ඔක්තෝබර් 15ට පෙර කිසිසේත්ම ක්‍රියාත්මක වුණෙ නැහැ. මේ ප්‍රථම වතාවට එළිදක්වන්නේ. ඒ එළිදැක්වීම තුළ ඔබතුමාට බොහොම පැහැදිලිව පෙනෙනවා මේ සමාජ දුරස්ථබාවය කියන ඒ නීතිය රීතිය මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ පාර්ලිමේන්තුව කියන රටේ නීති සම්පාදනය කරන උත්තරීතර සභාවක මේ පාර්ලිමේන්තුවේ නිර්මාණය වූ අණපනත් හරහා ක්‍රියාත්මක වන රෙගුලාසි කඩ කරනවා මේ මොහොතෙත් ඒකි මම ආරම්භයේ දීම කතාකරන්න ඔබතුමාගෙන් ඉල්ලීමක් කළේ.

දැන් ඔබතුමාත් මේ වෙලාවේ මුව අවරණයක් නොපැළඳීම තුළ ඔබ තුමත් ඒක කඩ කරනවා.

(කතානායක ඇතුළු සභාවේ සිනා)

ඔබතුමාත් ඒක කඩ කරනවා.

කතානායක – තියාගෙන තියෙන්නේ මේ. කතා කරන්න.

විපක්ෂ නායක – ඔබතුමත් ඒක කඩ කරනවා. මම මේ බොහොම ගෞරවයෙන් කියන්නේ ඒ නිසා මම කරන ඉල්ලීම මේකයි. මේ හදන රෙගුලාසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක ආකාරයකට ක්‍රියාත්මක වෙනවා ද ? රටේ පුරවැසියන්ට තවත් ආකාරයකට ක්‍රියාත්මක වෙනවා ද ? ඒ වගේම මම ඉලන්න කැමතියි මේ රෙගුලාසිවල තියෙන ආකාරයකට අපි සමාජ දුරස්ථභාවය තියෙන විදියට මේ පුටු ටික හදලා සභාවේ කටයුතු පවත්වාගෙන යමු.

(සභාවෙන් ඝෝෂා)

ඉන් පසුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යමු. එහෙම නැත්නම් සිදුවන්නේ මට ඔබතුමා කියන්න දැන් මේ සභාවේ අපි කතාකරන කොට මේ මුව ආවරණ පැළඳගෙන ද කතා කරන්නේ නැතුව ද ?

ඔබතුමා දෙන්න තීන්දුව. මොක්ක ද තීන්දුව ? මොක්ක ද තීන්දුව ?

කතානායක – ඔබතුමා කැමති ආකාරයකට කතා කරන්න.

විපක්ෂ නායක – ඒ වගේම මම ඔබතුමාගෙන්

කතානායක – අපිට කතාකරන එකයි වුවමනාව

විපක්ෂ නායක – මම ඔබතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. බොහොම කාරුණිකව. මේ චක්‍රලේඛය හරියට ක්‍රියාත්මක කරන්න.

(මේ අවස්ථාවේ කතානායක වරයා තම මුඛ ආවරණය පැළඳ ගනියි)

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා – ගරු කථානායකතුමනි, විපක්ෂනායකතුමා අද දින මතුකරන වෛද්‍ය කාරණය පිළිබඳ කාරණාව පක්ෂ නායකයන් රැස්වූ අවස්ථාවේ දී ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂනායකවුරුද ආණ්ඩුපක්ෂයේ අමාත්‍යවරු ද රැස්වී පාර්ලිමේන්තු මේ සතියේ පවත්වන වැඩපිළිවෙල සාකච්ඡා කරලා තීරණකට එළැබිලයි රැස්වන්නේ. ඒ සාකච්ඡාවෙ දී ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව අද දිනටත් රැස්වීම පිළිබඳවත් මේ සතියේ වැඩපිළිවෙලටත් එකඟතාව පළකරලා තයි අපි විසිර ගියේ. මම එය සිහිපත් කරනවා. ගරු විපක්ෂනායතුමා සමහරවිට නොදන්නවා ඇති පක්ෂ නායක රැස්වීමේ දී මේ තීරණය ගත් බව.

පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය. – ගරු කතානායකතුමනි, මම විපක්ෂනායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැසට් එක සම්බන්ධව ගැසට් නිවේදනය ඔබතුමා හරියට කියවන්න. කියවන්නේ නැතිව මෙතැන ඇවිත් කතාකරන්න එපා. ඒකේ පොදු ස්ථානය කියන එක හරියටම ඒකේ අපි ඉන්ටර්ප්‍රිට් කරලා තියෙනවා. ඒකට පාර්ලිමේන්තුව ඇතුළත් වෙන්නේ නැහැ.

(සභාවේ ඝෝෂා)

විපක්ෂ නායක – මම ස්තූතිවන්ත වෙනවා මුළු රට ඉදිරියේ ම මුළු ලෝකයා ඉදිරියේ ම පවිත්‍රා අමාත්‍යතුමිය කියනවා පාර්ලිමේන්තුව ඇතුලට එක නීතියක්. එළියට එක නීතියක්. ඒක තමයි එතුමිය කියන්නේ. පුදුම නීතියක් මේක.

කතානායක – ඔව් අමාත්‍යතුමිය

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – මම කිසිසේත්ම කිව්වේ නැහැ පාර්ලිමේන්තුවට එක නීතියක් පාර්ලිමේන්තුවට එක නීතියක් කියලා (ඝෝෂා) මට කතා කරන්න දෙන්න. මම කිව්වේ ගරු කතානායකතුමනි, පොදු ස්ථානය කියන්නේ කුමක් ද කියා ගැසට් පත්‍රයේ අර්ථ නිරූපනය කර තිබෙනවා. ඒ පොදු ස්ථානවලට පාර්ලිමේන්තුව වගේ තැන් ඇතුලත් වෙන්නේ නැහැ. එළියේ තැනුයි පොදු ස්ථාන ලෙස අර්ථ නිරූපනය කර තියෙන්නේ. කියවන්නේ නැතිව වගකීමකින් තොරව කතා කරලා විපක්ෂ නායකතුමාට පාර්ලමේන්තුවේ වෙලාව නාස්ති කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.

විපක්ෂ නායක – මම ස්තූතිවන්ත වෙනවා මගේ මතක්කිරීමෙන් පස්සේ ඔබතුමත් මුව ආවරණය පැළඳීම පිළිබඳව

කතානායක – සිනා සෙයි

විපක්ෂනායක – ගරු කතානායක තුමනි, දැන් ඔබතුමා කියන්නේ මෙතුමියගේ මේ රෙගුලාසි අනුව දැන් අපිට මේවා ඉවත් කරගෙන කතා කරන්න පුළුවන් ද?

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – පුළුවන්

විපක්ෂ නායක – පුළුවන් ද ?

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – පුළුවන්

විපක්ෂ නායක – එහෙම ද ? පුළුවන් ද ? ඒක ද නීතිය ?

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – ඔබතුමාගේ වගකීමක් තියෙනවා මේ රටේ පුද්ගලයෙක් විදියට සෞඛ්‍ය උපදේශ පිළිපැදීම. වගකීමකින් තොරව පිළිපදින්නේ නැත්නම් ඒක ඔබතුමාගේ රටට තියෙන ආදරය බලාගන්න පුළුවන් මිම්ම.

විපක්ෂ නායක – එක අතකින් මෙතුමිය කියනවා මේ ගැසට් පත්‍ර සහ මේ නියෝග මෙතැනට අදාල නැහැ මොක ද මේක පොදු තැනක් නෙවෙයි කියලා. තවත් පැත්තකින් එතුමිය කියනවා අපට වගකීමෙන් හැසිරෙන්නලු. මොකක්ද මේ දෙබිඩි කතාව ? මොකක් ද මේ දිව දෙකේ කතාව ?

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – ගරු කතානායක තුමනි, මෙතැනට ඒ ගැසට් පත්‍රය අදාලයි. මෙතුමා ඒ ගැසට් පත්‍රය කියවන්නේ නැතිව

කතානායක – ඔතනින් මේ ප්‍රශ්නය නතර කරමු. ඔතනින් මේ ප්‍රශ්නය නතර කරමු.

පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යතුමිය – ගැසට් පත්‍රය කියවන්නේ නැතිව මෙතැනට ඇවිල්ලා පොදු ස්ථානයන් කියලා අර්ථ නිරූපනය කර තිබෙන්නේ එළියේ පරිශ්‍රයන් ඒ නිසා ඒ අර්ථ නිරූපනයන් හරියට තේරෙන්නේ නැතිව කියෝ ගන්නේ නැතිව පාර්ලිමේන්තුවේ කාලය නාස්තිකිරීම වැරදියි.

විපක්ෂ නායක – මම එතුමියට උත්තර දෙන්න යන්නේ නැහැ. මොක ද කොහෙද යන්නේ මල්ලේ පොල් කතාව මුළු රටම දැක්කා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ පාර්ලිමේන්තුව තාවකාලිකව නතර කරලා මේ දුරස්ථභාවය ස්ථාපනය කරලා (කතානායක තුමා මේ අවස්ථාවේ නෑ. නෑ. කියයි.) මේ ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව මේ රස්වීම ක්‍රියාත්මක කරන්න ඒකයි අපේ ඉල්ලීම

කතානායක – විපක්ෂ නායකතුමාට මතක්කරන්න කැමතියි දෙවැනි ලෝක සංග්‍රාමය අවස්ථාවේ ලන්ඩන් නුවරට බෝම්බ වරුසාවක් වැටෙද්දී පාර්ලිමේන්තුව රැස්වුණා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කල්දාන්නේ නෑ. පවිත්‍රා

වන්නිආරච්චි ඇමතිතුමිය – පොදු ස්ථාන කියන්නේ මේ අභ්‍යන්තරව හෝල් ඇතුලේ නෙවෙයි. එළියේ ප්‍රදේශ තමයි. ඒ නිසා කොහේද යන්නේ මල්ලේ පොල් කතාව කිව්වේ විපක්ෂ නායකතුමා මිසක් මම නෙවෙයි.

විපක්ෂ නායක – මම කණගාටුවෙනවා මේ කොවිඩ් සම්බන්ධයෙන් මේ හදපු රෙගුලාසි ක්‍රියාත්මක කරන්න ඔබතුමාගේ නායකත්වයෙන් මේ පාර්ලිමේන්තුව අපොහොසත් වීම ගැන කණගාටුවෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!