spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ කිසිදා නොවූ වර්ධනයක්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ මෙතෙක් ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ගනුදෙනු 34,848ක් සමඟ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,422ක් බවට පත්විය.

සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 139.5කින් ඉහළ ගිය අතර අවුරුදු 36ක කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින්, සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 10,271ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,058ක් ද, මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 451ක් ද, කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිිලයන 396ක් ද වාර්තා කළ අතර වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 20ක් ද, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 08ක් ද, මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 07ක් ද ලෙස ප්‍රමුඛ විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 404ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම ප්‍රථම ස්ථානයේත්, දිනය තුළ කොටස් මිල අධික ලෙස ඉහළ ගොස් විකිණීමට තිබූ ‍සියලු කොටස් විකිණී අවසන් වූ කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 376ක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 298ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම  තෙවැනි ස්ථානයට පත්ව ඇත.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර අමානා ලයිෆ් සමාගම 24%කින් ද, කොමර්ෂල් ලීසිං සමාගම 22%කින් ද, ඒසීඑල් ප්ලාස්ටික් සමාගම 21%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ඇල්පටිය වැවිලි සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 105.00 බැගින් ද, සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 27.00 බැගින් ද, මෙල්ස්ටා කොප් සමාගමේ කොටස් ලක්ෂ 65ක් රුපියල් 57.00 බැගින් ද හුවමරු විය.

විදේශීය ආයෝජකයන් විසින් අද රුපියල් මිලියන 46ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 587ක කොටස් විකුණා තිබේ. ඒ අනුව අද දිනය තුළ පමණක් ශුද්ධ ලෙස විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 541ක මුදලක් කොළඹ කොටස් වෙළඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

2021 ජනවාරි 01 වැනි දා සිටි අද දක්වා කාලයේ දී රුපියල් බිලියන 47.779ක මුදලක් විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබේ.

විදේශ ආයෝජකයන් අද කොටස් මිල දී ගත් සමාගම් අතර සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් සමාගම රුපියල් මිලියන 5.6යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 3.5යි, ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 2.4ක් ලෙස ද කොටස් විකුණූ සමාගම් අතර මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 380යි, සම්පත් බැංකුව රුපියල් මිලියන 30යි, ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 23යි ලෙස ප්‍රධාන විය.

2022 වසරේ දෙවැනි කාර්තුවේ බොහෝ සමාගම්වල මූල්‍ය වාර්තා නිකුත් කිරීමත් සමඟ අධික ලාභ ලැබූ සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ දැඩි ඉල්ලුමක් ඇතිවී තිබෙන අතර 2022 වර්ෂයට නියමිත අයවැය වාර්තාව හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ අගයන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

(විශ්ලේෂණය – රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!