spot_img
spot_imgspot_img

පාසල් විභාග සඳහා දින නියම කරයි. සියල්ල 2022 දී

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමා තිබූ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා දින නියම කර තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් මෙම දින තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් කර ඇත.

ඒ අනුව 2021 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි 22 පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 2021 අපොස උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වැනි සඳුදා සිට 2022 මාර්තු 05 වැනි සෙනසුරාදා දක්වා පැවැත්වෙයි.

2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 වැනි සඳුදා සිට ජුනි 01 වැනි දා දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇත. මෙම දින නියම කර ඇත්තේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදීම සහ විභාග කටයුතු සංවිධානය කිරීම සඳහා අවශ්‍ය කල් ලබාගැනීම යන කරුණු සළකා බැලීමෙන් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම මාධ්‍ය නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!