-5.9 C
New York

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වාදෙයි

Published:

රට විවෘත කිරීමෙන් පසු අද (01) සිට ලබන 15 වැනි දා දක්වා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියේ දෛනික කටයුතු සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වසින් මෙම උපදෙස් නිකුත් කර තිබෙන බවයි.

එ් අනුව, සාකච්ඡා සහ සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමේ දී හැකිතාක් මාර්ගගත ක්‍රම අනුගමනය කරන ලෙස ඉල්ලා ඇති අතර රැස්වීමක් පැවැත්වීමේ දී ශාලාවේ ධාරිතාවෙන් 1/3කට පැමිණෙන පිරිස් සීමා විය යුතු බව ද එහි දැක්වේ.

විවාහ උත්සව සඳහා උපරිම ආරාධිතයන් සංඛ්‍යාව 100 නොඉක්මවිය යුතු බව ද එහි සඳහන් කර ඇත. එසේ නැතිනම් විවාහ මංගල උත්සවය පැවැත්වෙන ශාලාව අනුව එහි ධාරිතාවෙන් 1/3ක් රැස්කිරීමට අවසර හිමිවෙයි. විවාහ මංගල උත්සවයක් එළිමහනේ පැවැත්වෙන්නේ නම් ඒ සඳහා සහභාගී කරවාගත හැකි උපරිම සංඛ්‍යාව 150කි.

නාට්‍ය හා සිනමා ශාලා සඳා උපරිම ධාරිතාව 25%ක් වන පිරිදි ප්‍රේක්ෂකයන් සහභාගී කරවාගැනීමට හැකියාව තිබේ.

වෙළෙඳ සැල්, පාසල්, කාර්යාල ඇතුළු විවෘතකළ සියලු ආයතන සෞඛ්‍ය මාර්ගෝපදෙශ අනුව ක්‍රියාකළ යුතු බවත් එම මාර්ගෝපදේශවල දැක්වෙයි.

Related articles

Recent articles

spot_img