ඇල්ල වැල්ලවාය මාර්ගය ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් පස් කඳු කඩාවැටීම හේතුවෙන් අවහිර වී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්.උදයකුමාර පවසයි.
මවුන්ට්හෙවන් ස්ථානයේ දී ඇල්ල වැල්ලවාය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇති බැවින් එම මාර්ගයේ ගමන්කරන අයට බෙරගල හරහා කොස්ලන්ද වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත.
මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල හන්දිය ආසන්නයෙන් විශාල ගල් පර්වත පෙරැළී එහි එක් මංතීරුවක් අවහිර වී ඇත. බල්ලකොටුව ඇල්ල මාර්ගය 23 කණුව ආසන්නයෙන් සම්පූර්ණයෙන් ම අවහිර වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට දැඩි වර්ෂාවක් පවතින බැවින්, බෑවුම් සහ කඳු සහිත මාර්ග භාවිතා කිරිමේ දි ප්‍රවේශම්වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන අතර නායයාමේ අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂාකාරීවන ලෙසත් ඉල්ල සිටියි.