-5.9 C
New York

රජයේ සේවකයන්ගේ වැටුප් ගැන රජයේ ප්‍රකාශයක් බොරු බව සනාථ වෙයි

Published:

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය දැනුම්වත් කරමින් “රජයේ ආදායමෙන් 85%ට වඩා වැය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට” යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කරන ලද ප්‍රකාශය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බව ඒ පිළිබඳ කරුණු සොයා බැලූ FactCeck.lk ආයතනය පවසයි.

අමාත්‍යවරයා විසින් එහි දී, රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා රජය දරනු ලබන වියදම වැඩි කොට පෙන්වා ඇත. FactCeck.lk මේ බව පරීක්ෂා කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත්කරනු ලබන වාර්ෂික වාර්තාවන්හි දක්වා ඇති දත්තවලිනි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තා අනුව 2016 – 2019 අතර කාලයේ දී රාජ්‍ය සේවකයන් සඳහා ගෙවා ඇති වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා රජය වැය කර ඇති මුදල රාජ්‍ය ආදාමයෙන් 44%ක ප්‍රතිශතයකි. එය මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන අගයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකි. නමුත් 2020 දී රාජ්‍ය ආදායම 28%ක අගයකින් පහළ වැටීම හේතුවෙන් මෙන්ම රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වියදම 15%කින් ඉහළ යාමත් හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා රජය වැයකරන මුදල රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස 77%ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම අගය කිසිසේත්ම අමාත්‍යවරයා පැවසූ අගයට සමාන වන්නේ නැත. මේ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රකාශය සත්‍යයෙන් තොර බව තහවුරු වෙයි.

FactCheck ආයතනය විසින් පළකරන ලද සම්පූර්ණ ලිපිය පහතින්

http://factcheck.lk/claim/mahinda-amaraweera-3

Related articles

Recent articles

spot_img