කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (29) ගනුදෙනු 35,082ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,935ක් බවට පත්විය.
සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 25කින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ එය ඒකක 10,162ක් ලෙස වාර්තා විය. වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්සපෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,141යි චෙව්රෝන් ලුබ්රිකන්ස් සමාගම රුපියල් මිලියන 360යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 342යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 22යි, කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 12යි, රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 5.2ක ලෙස කැපී පෙණිනි.
බ්ලූ ඩයමන්ඩ් (X) සමාගම 25%කින් ද, ටෙස්ට් ඇග්‍රෝ (X) 20%කින් ද, අගලවත්ත වැවිලි සමාගම 19%කින් ද වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ප්‍රධාන විය.
සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර කමර්ෂල් බැංකුවේ කොටස් ලක්ෂ 06ක්, රුපියල් 89.00 බැගින්න ද හැටන් නැෂනල් බැංකුව කොටස් ලක්ෂ 10ක් රුපියල් 160.00 බැගින් ද, සම්පත් බැංකුව කොටස් ලක්ෂ 05ක් රුපියල් 57.00 බැගින් ද ඉන්දියන් ඔයිල් සමාගම කොටස් මිලියනයක් රුපියල් 26.50 බැගින් ද රෝයල් සෙරමික් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 56.00 බැගින් ද කෙවරෝන් ලුබ්රිකන් සමාගම කොටස් 375,000ක් රුපියල් 115.00 බැගින් ද හුවමාරු විය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාකම වැඩිම සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 422ක් වාර්තා කරමින් පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 301ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 287ක් වාර්තා කළ කොමර්ෂල් ලීසිං සමාගම තුන්වැනි ස්ථානයේ ද පැවැතිණි.
විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 29ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 432ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන403ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.
අද දිනය දක්වා 2021 ජනවාරි 01 දා සිට කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් බිලියන 46.285ක මුදලක් ඉවත්කරගැනීමට විදේශ අයෝජකයන් කටයුතු කර තිබේ.
සමාගම් කිහිපයක් ලාභාංශ ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව සෙව්රෝන් ලුබ්රිකන්ට් සමාගම රුපියල් 4.00ක ලාභාංශයක් ද, ලංකා ටයිල් සමාගම රුපියල් 3.00ක ලාභාංශයක් ද, ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් 3.10ක ලාභාංශයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)