spot_img
spot_imgspot_img

සමාගම්වල මූල්‍ය වාර්තා නිකුත්කිරීමත් සමඟ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ  ගනුදෙනු 33,289ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,184ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 09කින් පහළ ගිය අතර දිනය අවසානයේ ඒකක 10,137ක් බවට පත්විය.

අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 883යි. ගාර්ඩියන් කැපිටල් සමාගම රුපියල් මිලියන 707යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 183යි ලෙස ද සටහන් වූ අතර වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ගාර්ඩියන් කැපිටල් සමාගම කොටස් මිලියන 21යි, අමානා බැංකුව කොටස් මිලියන 18යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14යි ලෙස ද සටහන් විය

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල්ඩ් සමාගම 25%, ගලධාරී හෝටල් සමාගම 15%, අමානා බැංකුව 12% ලෙස ද කැපි පෙණිනි.

අද දිනයේ ද කොටස් වෙළෙඳ පොළ වැඩිම වටිනාකමක් ඇති සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් බිලියන 422ක් ද, එල්ඕඑල්සී සමාගම රුපියල් බිලියන 305ක් ලෙස ද, කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් බිලියන 289ක් ද හිමිකරගෙන ප්‍රමුඛ ස්ථාන තුන අත්පත් කරගෙන තිබිණි.

අද දිනයේ සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර හේලීස් සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 106.50 බැගින් ද, කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 02ක් රුපියල් 88.00 බැගින් ද අක්සස් සමාගම කොටස් මිලියනයක් රුපියල් 25.00 බැගින් ද වටපොත සමාගම කොටස් මිලියන 21.6ක් රුපියල් 32.30 බැගින් ද හුවමාරු විය.

අද දිනයේ විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 40ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 129ක කොටස් විකුණා තිබේ. ඒ අනුව දිනයේ ශුද්ධ ලෙස විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 89ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

අද දිනය දක්වා 2021 වර්ෂයේ දී පමණක් රුපියල් මිලියන 45.88ක මුදලක් කො‍ළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශීය ආයෝජකයන් විසින් ඉවත් කරගෙන තිබේ. විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාම් අතර ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 20, කළම්බු ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 04යි, එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03 ලෙස ද, විදේශීකයන් කොටස් විකුණූ සමාගම් අතර ඩයලොග් සමාගම රුපියල් මිලියන 56යි, මෙල්ස්ටර් ක්‍රොප් සමාගම රුපියල් මිලියන 16යි, එක්සටර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 14ක් ලෙස ද සටහන් විය.

2021 වර්ෂයේ දෙවැනි කාර්තුවේ සමාගම්වල මූල්‍ය වාර්තා මේ දිනවල දී ප්‍රකාශයට පත්කරන අතර ඒ අනුව ෂිෆ්ටෙක් සමාගම එක් කොටසකට ශත 80ක ලාභාංශයක් ද ෂෙව්රෝන් ලුබිරිකන්ට්ස් සමාගම එක් කොටසකට රුපියල් 4.00ක ලාභාංශයක්ද ප්‍රකාශයට පත්කර ඇත. ඉදිරියේ දී ලැබීමට නියමිත දෙවැනි කාර්තුවේ මූල්‍ය වාර්තා හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයෝ විශ්වාසය පළකරති.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!