-4.8 C
New York

ගාල්ල‍ේ පුද්ගලික රෝහලක දොස්තර ලොක්කෙක් සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි

Published:

ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන වෛද්‍යවරයකු තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින බවත් එයට විරෝධය දැක්වූ විට වෙනත් දුර බැහැර ප්‍රදේශයකට මාරුකිරීමට කටයුතු කර ඇති බවත් රසායනාගාර නිලධාරිනියක් ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබේ.

ඇය සඳහන් කරන්නේ මෙම වෛද්‍යවරයා කාර්යාලය තුළ දී අවස්ථා කිහිපයක් ම තමන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සාහ ගත් බවයි. නමුත් ඒ සඳහා තම විරෝධය දැක්වීමෙන් පසු කිසිදු සාධාරණ හේතුවෙක් නොමැතිව තමන් වෙනත් දුර බැහැර ප්‍රදේශයකට මාරු කර යැවීමට කටයුතු කර ඇති බව ද ඇය කියන්නීය.

මෙම පැමිණිල්ල කර ඇත්තේ විවාහක කාන්තාවක් විසිනි.

මේ පිළිබඳ එම රෝහල් සමූහයේ සභාපතිවරයාගෙන් අප කළ විමසීමක දී ඔහු කියා සිටියේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් තමන් දැනුම්වත්ව සිටින බවයි. මේ ගැන සොයා බැලීමේ දී ඇයට කාර්යාලයේ දී ඇතිවන පීඩනය දරාගත නොහැකිව මේ ආකාරයෙන් පැමිණිලි කර ඇති බවත් එය පදනම් විරහිත පැමිණිල්ලක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

Related articles

Recent articles

spot_img