-5.9 C
New York

ගාල්ල මහින්දයේ වැඩ ආවරණය කළ විදුහල්පති මිලියන ගණනක් මුදල් වංචාකරලා

Published:

ගාල්ල මහින්ද විද්‍යාලයේ වැඩි ආවරණය කළ නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන විසින් පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් ලක්ෂ 21කට වැඩි මුදලක් වංචාකර ඇතැයි වත්මන් විදුහල්පති අතුල විජේවර්ධන විසින් ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත.

වත්මන් විදුහල්පතිවරයා පොලිස් පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ දැනට අනාවරණය වී ඇති පරිදි එම මුදල රුපියල් 2,156,200.00ක් බවයි.

වැඩ ආවරණය කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන 2018 – 2020 දක්වා කාලයේ දී පාසල් සංවර්ධන සමිතිය මගින් ගෙවීමට ඇති මුදල් සඳහා පාසලේ ලිපිකාරිනියක් ලවා නියමිත මුදලට චෙක්පත් ලියවා පසුව එම චෙක්පත් වෙනස්කර මෙලෙස මුදල් වංචාකර ඇති බව අනාවරණය වී තිබේ.

‍වත්මන් විදුහල්පතිවරයා පොලිසියට පවසා ඇත්තේ චෙක්පත් ලිවීමේ දී ඉදිරියෙන් ඉඩ තබා එයට අකුරු කිහිපයක් හා ඉලක්කම් කිහිපයක් එකතුකර චෙක්පතේ අගය දහස් ගණනකින් වැඩි කර ඇති බවයි. එමෙන්ම එලෙස වෙනස් කරන ලද චෙක්පත් මුදල් බවට පත්කරගෙන ඇත්තේ ද එකම පිරිසක් විසින් බව ද  අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

Related articles

Recent articles

spot_img