-3.4 C
New York

2022 අයවැය කොටස් වෙළෙඳ පොළට තල්ලුවක් වෙයි ?

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 47,228ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,717ක් බවට වාර්තා විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 80කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ වාර්තා කළ වැඩිම අගය වාර්තා කරමින් ඒකක 10,127ක් බවට පත්විය. අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 1,282යි, ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 940යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 809යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 114යි, ඒසීඑල් කේබල් සමාගම කොටස් මිලියන 14යි, එස්එම්බී ලීසිං සමාගම (ඡන්ද බලය රහිත) කොටස් මිලියන 13ක් ලෙස ප්‍රමුඛ විය.

අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර ටෙස්ට් ඇග්‍රෝ සමාගම 20%කින්ද ඒසීඑල් කේබල් සමාගම 18%කින් ද, බ්ලූ ඩයමන්ඩ් සමාගම 14%කින් ද මිල ඉහළ යන ලදී.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිම වටිනාකමක් සහිත සමාගම් අතර රුපියල් බිලියන 435ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද, බිලියන 309ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, බිලියන 285ක් වාර්තා කළ කමර්ෂල් ලීසිං සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය. අද දිනයේ සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ සමාගම් අතර ආර්.සී.එච් සමාගම රුපියල් 92.00 බැගින් වූ කොටස් 388,000ක් ද රිචර්ඩ් පීරිස් සමාගම රුපියල් 17.50 බැගින් කොටස් මිලියන 10ක් ද හුවමාරු විය.

විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 68ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 138ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 70ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

2021 ජනවාරි 01 වැනි දා සිට අද දක්වා විදේශීය ආයෝජකයන් විසින් රුපියල් බිලියන 45.638ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන ඇත.

ඉතා කෙටි කාලයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2022 සඳහා වූ අයවැය වාර්තාව මගින් සමාගම් කෙරෙහි දැනට පවතින බදු ප්‍රතිශයතයන්හි වෙනසක් සිදුනොවනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

Related articles

Recent articles

spot_img