පාසල් ප්‍රාථමික පන්තිවල අධ්‍යයන කටයුතු ආරම්භ කළ පසු පන්තිකාමර බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.
ඇය වැඩිදුරටත් කියා සිටින්නේ එක් පන්තියකට එක් ගුරුවරයකු ලෙස යොදා ගුරුවරු සහ ළමයින් මිශ්‍රවීමට ඉඩ නොදිය යුතු බවයි. එමගින් කොරෝනා පැතිරීම අවම කරගත හැකි බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.
ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
“අපි තවත් කොරෝනා රැල්ලකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා කිසිම ආකාරයකින් යළි කොරෝනා හිස එසවීමට ඉඩ නොදිය යුතුයි. දරුවන්ගේ රෝග ලක්ෂණ ගැන දෙමාපයන්ද නිතර සැළකිලිමත් වෙන්න ඕනෑ. සැක සහිත රෝග ලක්ෂණ දක්නට ලැබෙනවානම් හැකි ඉක්මණින් ගුරුවරයා දැනුම්වත් කිරීම අවශ්‍යයි. ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ලෝකයේ රටවල් ගණනාවකින් වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන තවමත් මත ප්‍රකාශ කරලා නැහැ.”


