-4.8 C
New York

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිල නිවාස රැසක් අවභාවිතා කරලා

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කෝට්ටේ මාදිවෙළ ඉදිකර ඇති නිල නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසක් එම නිල නිවාස අවභාවිතා කර ඇතැයි හෙළි වී තිබේ.

මන්ත්‍රීවරු 112 දෙනකු මාදිවල නිල නිවාස ලබාගෙන ඇති අතර ඉන්  නිවාස 60කට වැඩි ප්‍රමාණයක පදිංචිව ඇත්තේ මන්ත්‍රීවරු නොව ඔවුන්ගේ ඥාතීන් සහ වෙනත් හිතවතුන් බව අනාවරණය වී තිබේ.

පාර්ලිමේන්තු නිලධාරීන් පවසන්නේ ඇතැම් මන්ත්‍රීවරු නිල නිවාස ලබාගෙන ඇතත් ඒවා කිසි දිනක දැක හෝ නැති බවයි. මන්ත්‍රීවරයකුගෙන් මෙවැනි නිල නිවසක් සඳහා රුපියල් 1,000.00 ක මාසික කුලියක් රජය අයකරනු ලබයි.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කර දැනට පරාජය වී සිටින මන්ත්‍රීවරු කිහිප දෙනකු ද තම හිතවත් වත්මන් මන්ත්‍රීවරුන්ගේ නමින් නිල නිවාස ලබාගෙන ඒවායේ පදිංචිව සිටින බව ද අනාවරණය වී ඇත.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නේ සමිට් නිල නිවාස සංකීර්ණයෙන් ද නිවාස ලබාගෙන මාදිවෙල නිවාස සංකීර්ණයෙන් ද නිවාස ලබාගත් ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනකු සිටින බවයි. මේ හේතුවෙන් සමිට් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද කැඳවා තිබේ.

Related articles

Recent articles

spot_img