-0.3 C
New York

මළ සිරුරක් ඉල්ලා හදිසි මරණ පරීක්ෂකට පහරදීලා

Published:

මළ සිරුරක් ඉක්මණින් ලබාදෙන ලෙස ඉල්ලා කිසියම් පිරිසක් විසින් හදිසි මරණ පරීක්ෂකවරයකුට පහර දී ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස පහරදීමට ලක්ව ඇත්තේ සිංගරාසා ජීවනායගම් නමැති කිලිනොච්චි ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ කරච්චි හදිසි මරණ පරීක්ෂකවරයාය.

මියගිය 54 හැවිරදි පුද්ගලයකුගේ සිරුර පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව නිදහස් කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී තිබිය දි එම පරීක්ෂණ පරක්කුවන බව පවසා මියගිය තැනැත්තාගේ ඥාති තරුණයන් පිරිසක් මරණ පරීක්ෂකවරයාට පහර දී තිබේ. පහරදුන් පිරිස හදිසි මරණ පරීක්ෂකවරයාගේ යතුරුපැදියට ද අලාභහානි සිදුකර ඇත.

කිලිනොච්චි පොලිසිය පවසන්නේ පහරකෑමට ලක්වූ හදිසි මරණ පරීක්ෂකවරයා කිලිනොච්චි රෝහලට ඇතුළත්කර සිටින බවයි. පහරදුන් බව පවසන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චි පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

Related articles

Recent articles

spot_img