-5.9 C
New York

එන්නත්වලටත් මර්ධනය නොවන “ඩෙල්ටා ප්ලස්” ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?

Published:

කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති Delta + (ඩෙල්ටා ප්ලස්) ප්‍රභේදය ලෝකය පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් එය ශ්‍රී ලංකාවේ ද පැතිරීමේ අවදානමක් ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

එන්නත්කරණය සාර්ථකව සිදුකළ රටවල්වල පවා මේ ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මෙය ඉහළ සංකූලතා පෙන්වන ප්‍රභේදයක් බව ද විශේෂඥයෝ කියති.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසන්නේ දැනටමත් රටවල් 27ක මේ ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

රට විවෘතකිරීමත් සමඟ ජනතාව සෞඛ්‍ය උපදෙස් ගැන වැඩි සැළකිල්ලක් නොදන්වන බව නිරීක්ෂණය වන බැවින් මේ ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ද ව්‍යාප්තවීමේ විශාල අවදානමක් ඇති බව හෙතෙම පැවසීය.

Related articles

Recent articles

spot_img