-5.9 C
New York

ඉතිහාසයේ කිසි දා නොවූ පරිදි කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 ආසන්නයට ම

Published:

කොළඹ  කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 36,143ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,268ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 172කින් ඉහළ ගිය අතර කොටස් වෙළෙද පොළ ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ඒකක 9,881ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 586යි, එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 579යි, කමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 450යි ලෙස ද, වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 30යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 14යි සහ කොටගල වැවිළි සමාගම කොටස් මිලියන 11යි ලෙස කැපී පෙණිනි.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පො‍ළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 393ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයට ද බිලියන 305ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද බිලියන 283ක් වාර්තා කළ කමර්ෂල් ලීසිං සමාගම තෙවැනි ස්ථානයට ද පත්විය.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර එස්ඇග්‍රෝ සමාගම (ඡන්ද බලය රහිත) 20%කින් ද , කමර්ෂල් ලීසිං සමාගම 18%කින් ද, සිංහ පුත්‍ර ෆයිනෑන්ස් (P) 17%කින් ද කැපී පෙණිනි.

සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූයේ බීපීපීඑල් සමාගමේ කොටස් මිලියන 9.2ක් රුපියල් 22.60 බැගින්ද, ජැට් හෝල්ඩින් සමාගමේ කොටස් මිලියන 01 ක් රුපියල් 24.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 84ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 43ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනයේ පමණක් රුපියල් මිලියන 41ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළට ඇතුළත්ව ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 26යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 22යි, කොමර්ෂල් ලීසිං සමාගම රුපියල් මිලියන 05ක් ලෙස ද විදේශීය ආ‍යෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 14යි, ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 2.8යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2.4ක් ලෙස සටහන් විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ පවතින ආර්ථික වාතාවරණය හමුවේ වුව ද, භාණ්ඩ හා සේවා අපනයනය කරන සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ වැඩි උනන්දුවක් ඇති වී තිබේ. ඉතා ඉක්මණින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 10,000 ඉක්මවනු ඇතැයිි ‍ආයෝජකයෝ විශ්වාසය පළ කරති.

(වි‍ශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img