තුර්කියේ පැවැති “සකර්යා” අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලේ දී හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් හසන්ත දිසානායක අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද “Mutton” නමැති කෙටි චිත්‍රපටයට සකර්යා ඇතුළු ජාත්‍යන්තර සිනාම උළෙල දෙකක දී සම්මාන හිමිකරගෙන ඇති අතර තවත් සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.
මෙම චිත්‍රපට උළෙල තුර්කියේ සකර්යා විශ්වවිද්‍යාලය සහ තුර්කි සංස්කෘතික හා සංචාරක කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණේ 07 වැනි වරටය. ඒ සඳහා රටවල් 197ිකින් කෙටි චිත්‍රපටි 7,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබූ අතර ඒ අතරින් ඔහු ජාත්‍යන්තර අංශයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගෙන තිබේ.
“Mutton” නමැති මෙම චිත්‍රපටය විනාඩි 12ක ධාවන කාලයකින් යුක්තය. එය ඉරානයේ සහ දකුණු කොරියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙල දෙකක දී ද අවසන්වටයට දැනටමත් සුදසුුකම් ලබා ඇත.
තුර්කියේ සකර්යා විශ්වවිද්‍යාලයේ සන්නිවේදන පීඨයේ පීඨාධිපති මහාචාර්ය යූසුෆ් අදිගුසාල් ඇතුළු සකර්යා විශ්වවිද්‍යාලයේමහාචාර්යවරුන් අතින් මෙම සම්මානය පිරිනැමිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී ගෞරව උපාධි පාඨමාලාවේ විද්‍යාර්ථියකු වන හසන්ත මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය කර තිබුණේ ඔහුගේ අවසන්වසර නිර්මාණය ලෙසිනි. එහි සුපරීක්ෂකවරයා ලෙස කථිකාචාර්ය ප්‍රභාත් අගම්පොඩි කටයුතු කළේය.
බ්‍රිතාන්‍ය ලේඛක Roald Dahl විසින් රචිත “Lamb to the Slaughter” කෙටි කතාව පාදක කරනිමින් නවමු ආකෘතියක් සහ අපූර්ව සිනමා භාෂාවකින් නිර්මාණය කර ඇති මෙම කෙටි චිත්‍රපටය මේ වනවිටත් භූතානයේ ඩ්‍රක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම ශිෂ්‍ය චිත්‍රපය ලෙස සම්මාන දිනාගෙන ඇති අතර තවත් අන්තර්ජාතික සිනමා උළෙල කිහිපකම අවසන්වටය දක්වා නිර්දේශ වී තිබේ.
හසන්ත දිසානායක ගාල්ලේ පදිංචිව සිටින අතර රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි. මීට ඉහත 2016 වර්ෂයේ දී ද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති කෙටි චිත්‍රපට උළෙලක දී ජනප්‍රියම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට ඔහු සමත්වූයේය.
(සජීව විජේවීර)



