8.6 C
New York

සහල් කිලෝවක් රුපියල් 25-50කින් ඉහළ යයි?

Published:

ඉදිරි සති දෙක ඇතුළත දී සෑම වර්ගයක ම සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 25.00ත් 50.00ත් අතර මුදලකින් ඉහළ යනු ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් ගැසට් කළ යුතු බව ද එම සංගමය පෙන්වා දෙයි. ඔවුන් මේ බව කියා සිටියේ පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

ඔවුන් පෙන්වාදෙන්නේ දැනට ඇති පොහොර අර්බුදය හේතුවෙන් මහ කන්නයේ වී තොග වෙළෙඳ පොළට පැමිණීම 50%කින් පහළ වැටී ඇති බවයි. එබැවින් ඉදිරියේ දී සහල් හිඟයක් ඇතිවන බවත් පාරිභෝගිකයාට දරාගත නොහැකි ආකාරයට මිල ඉහළ යා හැකි බවත් ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි

සහල් මෝල් හිමියන් විසින් මේ වනවිට වැඩි මිලට වී මිල දී ගනැමින් සිටින බැවින් සහල් මිල ද ඉහළ යමින් පවතින බව ඔවුහු කියති.

Related articles

Recent articles

spot_img