චෝදනා එල්ලවන පොලිස් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා ඔවුන් සම්බන්ධ විනයානුකූළ ක්‍රියාමාර්ග ගැනීම කඩිනම් කිරීම පසෙක තිබිය දී පරීක්ෂණ නොපවත්වාම ඔවුන් චෝදනාවලින් නිදහස් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර කටයුුතු කරමින් සිටියි.
ඔහු මේ බව මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති ප්‍රජා පොලිස් බලගැන්වීමේ රැස්වීමක දී ය.
අමාත්‍යවරයා පවසන්නේ පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය නිවැදිව කරන්න ගොස් මානව හිමිකම් නඩු පවා වැටී තිබෙන බවයි. එවැනි අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම සදහන් කළේය.
මෙම චෝදනා පත්‍ර උසස්වීම සඳහා ද බලපාන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තතුරට පත්කිරීමේ දී 35 දෙනකුට මෙය අහිතකර ලෙස බලපාන බව තමන්ට පෙනී ගොස් ඇතැයි ද ඇමතිවරයා පවසයි. මේ හේතුවෙන් ඒවා තේරුම් ගෙන පොලිස්පතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර සුදුසුද වැඩපිළිවෙලක් සකසන බව ද ඔහු පවසයි.
ඇමතිවරයා පවසන්නේ මාස හයක් ඇතුළත ආයතන සංග්‍රහය අනුව චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැතිනම් ඉබේම එම චෝදනා අවලංගුවන ක්‍රමයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.
නීතිවේදීන් පෙන්වා දෙන්නේ පොලිස් නිලධාරීන්ට එල්ලවන චෝදනා නිසි පරිදි විභාග නොකර කල් මැරීමේ ක්‍රමයකින් ඔවුන් චෝදනාවලින් නිදහස් කරගැනීමට මෙයින් හැකියාව ලැබෙන බවයි. පොලිස් නිලධාරීන්ට එල්ලවී ඇති චෝදනා දැනටත් නිසි පරිදි විභාග නොකරන පසුබිමක අමාත්‍ය සරත් වීරසේකර සැකසීමට යන මේ නව ක්‍රමයෙන් පොලිස් සේවාව තවත් දූෂිත ස්ථානයක් බවට පත්වීම සිදුවනු ඇතැයි නිතිවේදීන් කියයි.
මෙවැනි අවස්ථාවක දී රජය කළ යුත්තේ චෝදනා එල්ලවන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් හා විනිවිදභාවයකින් යුතුව පරික්ෂණ පවත්වා වරදක් නොකළ නිලධාරීන් ඉන් නිදහස් කිරීම සහ වැරදි සිදුකරන නිලධාරීන්ට එරෙහිව විනයානුකූළ ක්‍රියාමාර්ග ගැනීම මිස දූෂිතයන් ආරක්ෂා කිරීමේ මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීම නොවන බව මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ කියති.

හොදයි නේද 🤣😂ශෝක් නේද 🤣😂 (×)මේක ගහා ගන්න කරන දේවල්. ඒක තමයි මේ අපේ රටට වෙලා තියෙන හෙනේ. වැරදි කාරයට නිසි දඩුවම නොදැන ඒක. රට පිරිහිලා ඉවරයි.