-4.8 C
New York

මහ බැංකු සැළැස්ම හේතුවෙන් ආයෝජකයන්ගේ පිබිදීමක්

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 24,863ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,481ක් බවට පත්විය.

අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය එ්කක 02කින් ඉහළ ගිය අතර එය ඒකක 9,623ක් බවට පත්විය. අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 413යි, ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 369යි, වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 334යි ලෙසත් වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර කොටගල වැවිළි සමාගම කොටස් මිලියන 45යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14යි, රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 08යි ලෙස කැපී පෙණිනි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ටෙස්ඇග්‍රෝ සමාගම 20%කින් ද, ඒෂියා ඇසෙස් සමාගම 11%කින් ද කොමර්ෂල් ඩිවලෝප්මන්ට් සමාගම 09%කින් ද ප්‍රධාන විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 382ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 288ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයේ ද, රුපියල් බිලියන 205ක් වාර්තා කළ කොමර්ෂල් ලීසිං සමාගම තුන්වැනි ස්ථානයේ ද රැඳී තිබිණි.

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු රාශියක් සිදුවූ අතර ඩයලෝග් සමාගමේ කොටස් ලක්ෂ 19ක් රුපියල් 11.20 බැගින් ද, ඩීජීඑල් සමාගමේ කොටස් ලක්ෂ 10ක් රුපිය් 43.00 බැගින් ද කොටගල වැවිලි සමාගමේ කොටස් මිලියන 25ක් රුපියල් 6.40 බැගින් ද, වැලිබල් වන් සමාගමේ කොටස් 3,150,000ක් රුපියල් 60.00 බැගින් ද ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිලියනයක් රුපියල් 27.00 බැගින් ද, රෝයල් සෙරමික් සමාගමේ ‍කොටස් මිලියන 03ක් රුපියල් 47.00 බැගින් ද ලංකා අයිඕසී සමාගමේ කොටස් මිලියන 01ක් රුපිපයල් 27.00 බැගින් ද ජෝන් කීල්ස් සමාගමේ කොටස් ලක්ෂ 03ක් රුපියල් 149.00 බැගින් ද, සම්පත් බැංකුව කොටස් 5,450,000ක් රුපියල් 55.00 බැගින් ද, ඒසීඑල් කේබල් සමාගම කොටස් ලක්ෂ 19ක් රුපියල් 45.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 38ක කොටස් මිල දී ගෙන ඇති අතර, රුපියල් මිලියන 37ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස විදේශ ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙට අද දිනයේ රුපියල් මිලියනයක මුදලක් ආයෝජනය කර ඇත.

විදේශීය ආ‍යෝජකයන් කොටස් මිල දී ගත් සමාගම් අතර වැලිබල් වන් සමාගම රුපියල් මිලියන 20යි, ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 2.7යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1.7යි ලෙස ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර බලංගොඩ වැවිළි සමාගම රුපියල් මිලියන 21යි, ටෙක්ස්ර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 4.2යි, රිචර්ඩ් පීරිස් ඒක්ස්පෝර්ට් සමාගම රුපියල් මිලියන 1.8ක් ලෙස සඳහන් විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතා ඉක්මණින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 10,000ක් ඉක්මවනු ඇතැයි ආයෝජකයන්ගේ දැඩි විශ්වාසයක් ගොඩනැගී ඇති අතර එයට ප්‍රධාන හේතූන් දෙකක් බලපා තිබේ.

බදු සමා පනත හේතුවෙන් හෙළි නොකළ මුදල් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීමේ අවසාන දිනය 2021-12-31 වීමත්, ඉදිරි මාසයක කාලය සඳහා ස්ථාවර තැන්පතු පොළී අනුපාතිකය වෙනස් නොවන බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කර තිබීමත් ‍මෙයට හේතු වේ.

කෙසේ වුව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ කෙටි කාලීන මාර්ග සිතියම අනුව ශ්‍රී ලංකාව තුළට ඩොලර් බිලියන 07ක විදේශ ආයෝජන ඔක්තෝබර් දෙසැම්බර් මාසවල දී ගෙන්වාගැනීමට කටයුතු කරන බව සහ ඩොලර් බිලියන 11ක මුදලක් 2022 ජනවාරි 01 වැනි දා සිට මාර්තු 31 දක්වා කාලයේ දී ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට නිවේදනය කර තිබීම ආයෝජකයන්ගේ දැඩි උනන්දුවට හේතු වී තිබේ.

(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)

Related articles

Recent articles

spot_img