-5.9 C
New York

ලොව සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වැනි තැනට පත්වෙයි. මධ්‍ය අවදානම් රටක්

Published:

ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට 65 වැනි ස්ථානය හිමිව තිබේ. ඒ ලෝකයේ රටවල් 116ක දත්ත ලබාගෙන සකසන ලද ලේඛනයකිනි.

අඩු පෝෂණය, ළමා මරණ, ළමුන්ගේ වර්ධනය යන කරුණු සැළකිල්ලට ගනිමින් සාගිනි දර්ශකය සකසයි. එම දත්ත අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 30%ක් ආහාර අනාරක්සිතතාවට ලක්වව ඇති අතර එය පුද්ගලයන් වශයෙන් 66,26,000කි.

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් 83%ක් ම ග්‍රාමීය ජනතාව වන අතර 17%ක් නාගරික ජනතාවයි.

එම වාර්තාවේ ලකුණු 16ක් හිමිකරගෙන සිටින ශ්‍රී ලංකාව මධයස්ථ මට්ටමක පසුවන රටක් ලෙස නම්කර ඇත. බෙලරුසියා, බොස්නියාව, චීනය, බ්‍රසීලය, කුවේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක් එම දර්ශකයේ ලකුණු 05ට වඩා අගයකට හිමිකම් කියමින් සාගිනි අඩුම රටවල් බවට පත්ව තිබේ.

දකුණු ආසියාවේ සෙසු රටවල් ශ්‍රී ලංකාවට සාපේක්ෂව සාගිනි දර්ශකයේ වඩාත් පහළට ගොස් ඇත. ඉන්දියාව 101 වැනි ස්ථානයේ රැඳී සිටියි. ඒ අනුව දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව අනෙකුත් රටවල්වලට වඩා හොඳ මට්ටමක පැවතිය ද එය සතුටුදායක තත්වයක් නොවේ.

ලොව සාගින්න වැඩිම රට බවට පත්ව ඇත්තේ සෝමාලියාවයි. සෝමාලියාවට ඉදිරියෙන් සිරියාව, දකුණු සූඩානය, කොමරෝස්, බුරුන්ඩි වැනි රටවල් පත්ව සිටියි.

https://www.globalhungerindex.org/ranking.html

https://worldhunger.io/?campaignid=11650289004&adgroupid=114814811215&adid=545286362859&gclid=CjwKCAjwzaSLBhBJEiwAJSRokl0F_pCpgWNfd_T4dfSUuayFETYPXSnoD8VoazFcabIh4KMq2WSMMxoCzq4QAvD_BwE

Related articles

Recent articles

spot_img