-0.4 C
New York

දේශීය කිරිපිටි මිලත් ඉහළ යයි

Published:

මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරිපිටි මිල ගණන්ද ඉහළ දමා තිබේ. හයිලන්ඩ් කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 225.00කින් ද පැලවත්ත කිරිපිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 200.00කින් ද ඉහළ දමා තිබේ.

ඒ අනුව හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90.00 කින් ඉහළ දමමින් 470.00ක් දක්වා ඉහළ දමා ඇති අතර පැලවත්ත ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක් රුපියල් 80.00කින්  ඉහළ දමා රුපියල් 460.00කට මිල නියම කර තිබේ.

හයිලන්ඩ් කිලෝ ග්‍රෑම් 01ක කිරි පිටි පැකට්ටුවක් රුපියල් 1,170.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැලවත්ත කිරිපිටි කිලෝ ග්‍රෑම් 01ක පැකට්ටුවක් රුපියල් 1,165.00ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img