10.2 C
New York

බඩු මිලට එරෙහිව බෝපේ පෝද්දල විරෝධතා

Published:

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු ඊයේ (15) එහි මාසික සභා රැස්වීම ආරම්භ කිරීමට පෙර බඩු මිල ඉහළ යාමට එරෙහිව උද්ඝෝෂණයක නිරතවූහ.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු මේ විරෝධතාවයට සහභාගී වී සිටියහ.

කලේගාන හන්දියේ විරෝධතාව අ‍ාරම්භ කළ එතැන් සිට සභා පරිශ්‍රයට පා ගමණින් පැමිණි මේ පිරිස සභාව ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවී අනතුරුව සභා රැස්වීමට සහභාගී වූහ.

ගෑස්, පාන්, කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ පාලන මිල ඉවත්කිරීම හේතුවෙන් සමාගම්වලට මිල ඉහළ දැමීමට ඉඩ දීම යන කරුණුවලට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

Related articles

Recent articles

spot_img