-5.9 C
New York

රජයට කෝටි 613ක් අහිමිකළ රේගු නිලධාරින්ට දඬුවම් කරන්න යැයි ඉල්ලයි

Published:

ආනයනය කෙරුණු “පාම් ඔලේන්” තෙල් තොගයකින් රජයට රුපියල් කෝටි 613ක් අහිමි වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

මෙම පාඩුව සිදුව ඇත්තේ එම තෙල් තොගය ශ්‍රී ලංකා රේගුව විසින් වැරදි අංකයක් යටතේ නිෂ්කාශනය කිරීම හේතුවෙන් බව ද එහි දී අනාවරණය කර ඇත. 2013 සහ 2016 අතර කාලයේ දී ය.

මෙම භාණ්ඩ මුදාහැරීමේ දී බැංකු ඇපකරයක් තබා නොගැනීම සම්බන්ධව ගිණුම් කාරක සභාවේ දැඩි අවධානයක් යොමුව තිබිණි. රජයේ ගිනුම් කාරක සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කර ඇත්තේ මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාළ නිලධාරීන්ට දඬුවම් කිරීමට කටයුතු කරන ලෙසයි.

රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ වාර්තාවක මේ තොරතුරු සඳහන් වෙයි.

Related articles

Recent articles

spot_img