-4.8 C
New York

මන්ත්‍රීවරු මහ පාරේ ගුටි කෙළගනිති (වීඩියෝ)

Published:

නාවලපිටියේ ඉදිවන ඇවිදින මංතීරුවක් නිරීක්ෂණයට ගිය නාගරික මන්ත්‍රීවරු අතර අද (12) ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.

මෙම මංතීරුව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාගණයේ ඉදිවෙයි. එය නිරීක්ෂය කිරීමට නගර සභාවේ හිටපු සභාපති සමග ජන බලපවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු සහ ආධාරකරුවන් පිරිස් සමඟ මේ ස්ථානයට ගොස් තිබිණි. එහි ගේට්ටුව වසා දමා තිබූ බැවින් ඇතුළුවිය නොහැකිව රැඳී සිටිය දී නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර තවත් නාගරික මන්ත්‍රීවරු පිරිසක් සහ ආධාරකරුවන් පිරිසක් ද සමඟ එතැනට පැමිණියහ.

මේ අවස්ථාවේ දී ඇතිවූ උණුසුම් වචන හුවමාරුව අවසානයේ ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගියේය. එම තත්වය පාලනය කිරීමට පොලිසිය ද එතැනට පැමිණි අතර සමගි ජන බලවේගයෙක් ආධාරකරුවන් තිදෙනකු මේ වනවිට නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img