කොරෝනා වසංගතයේ අවදානම මුළුමනින්ම පහව ගොස් නැතත් කොළඹ නගරයට පැමිණෙන අය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා කරන ආකාරය ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකියැයි කෙළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා රුවන් විජයමුණි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් දෙනා මුඛ ආවරණ පවා නොපළඳින බවයි. කොළඹ නගරයේ විවිධ ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරතවීමේ දී මේ බව දැකගත හැකි වූ බවත් එය ඉතාමත් භයානක දෙයක් බවත් වෛද්‍යවරයා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ හේතුවෙන් යළි කොළඹ කොරෝනා වසංගතය වර්ධනය වීමට විශාල අවදානමක් තිබෙන බවයි.
වෛද්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“මෙය ඉතාමත් භයානක තත්වයක්. කොරෝනා වයිරසය වරින් වර වෙනස් වෙමින් මතුවෙනවා. තවමත් සම්පූර්ණයෙන් ම මේ වසංගත තත්වය මර්ධනය කරලා නැහැ. ඒ නිසා අවම වශයෙන් තව අවුරුදු දෙකක්වත් මේ නව සාමාන්‍යකරණයට අනුව ජීවත්විය යුතුයි. කොළඹ නගරයෙන් ආසාදිතයන් 25,833ක් වාර්තා වුණා. මරණ 1,098ක් ද සිදුවුණා. රටේ සියලුම මරණ සැළකූ විට 5%ක් ම වාර්තා වූයේ කොළඹින්. මේ අවදානම අපි තේරුම්ගත යුතුයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකළොත් යළි කොරෝනා ඇතිවීම වළක්වන්න බැරි වෙනවා.”