spot_img
spot_imgspot_img

ගුවන් මගීන්ට PCR නවතා යළි හෝටල් නිරෝධායනය. අනතුරට අතවැනීමක් බව සෞඛ්‍ය අංශ කියයි

පුවත්

විදෙස්

කෝටි ගණනක් වැයකර කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඉදිකෙරුණු නවීනතම පීසීආර් පරීක්ෂණාගාරය වසා දමා විදේශ රටවලින් පැමිණෙන අයට පීසීආර් පරීක්ෂණ නැතිව රටට ඇතුළුවීමට ඉඩ දීම තවත් කොරෝනා රැල්ලකට අතවැනීමක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඔහු පවසන්නේ මේ වනවිට එම පරීක්ෂණාගාරය වසා දමා විදේශවල සිට පැමිණෙන පිරිස් හෝටල් නිරෝධායනය වෙත යොමු කිරීමේ මාෆියාව ක්‍රියාත්මක වන බවයි.

“විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට ආ විදේශගත ලාංකිකයන් වගේම විදේශිකයන් සඳහාත් හෝටල්වල නිරෝධායන සංකල්පය ක්‍රියාත්මක වීම නිසා ඔවුන් විශාල ගසාකෑමකට ගොදුරු වුණා. පසුව ගුවන්තොටුපොළේ රසායනාගාර දෙකක් ඉදිකරලා පැය තුනක් ඇතුළත වාර්තාව ලබාදීමට කටයුතු කළා. සංචාරකයන්ට ගුවන්තොටුපොළ සමාගමේ රාසායනාගාරයකින් මුදල් ගෙවා පීසීආර් පරීක්ෂණ කිරීමට හැකියාව තිබෙනවා. අනෙක් අයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නොමිලයේ ම පරීක්ෂණ කරගත හැකියි. සංචාරකයන්ගෙන් පීසීආර් පරීක්ෂණයට හා නිරෝධායනයට වැඩි මිලක් අයකරනවා. ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයම කියනවා රටට ඇතුළුවන විට පීසීආර් අවශ්‍ය නෑ කියලා. පීසීආර් නැතිව කිසිවක් කරන්න බෑ කියූ සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් ප්‍රතිපත්තිය වෙනස් කරලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!