-5.9 C
New York

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මාධ්‍යවලින් ගිනි තියයි

Published:

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ අද (11) දහවල් ගින්නක් හටගත් බවත් ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ කාර්යාලයේ සේවකයන් එක්ව ගින්න නිවා දැමූ බවත් මාධ්‍යවල පළවෙමින් තිබේ.

නමුත් මෙය කාක් පිහාට්ටක් හමුවූ විට කාක්න් හත්දෙනකු මියගොස් ඇතැයි සඳහන් කතාව හා සමවෙයි. සුලු සිද්ධියක් මුල්කරගනිමින් මාධ්‍යමගින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් නිර්මාණය කර ඇත.

මෙරට ප්‍රකට මාධ්‍ය ආයතන කිහිපයක් ද “ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්” යන ශීර්ෂයෙන් එය වාර්තා කර තිබේ.

නමුත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ එවැනි ගින්නක් හටගෙන නැත.

එහි බිම්මහළේ පිහිටි විදුලි සැපයුම් පද්ධතියක යම්කිසි කාන්දුවක් හේතුවෙන් ගිනි පුපුරු නිකුත් වී ඇති අතර ඒ සමඟ ගොඩනැගිල්ලේ ස්වයංක්‍රීය ගිනි අනතුරු පද්ධතිය ක්‍රියාත්මක වී තිබේ. ඒ සමඟම කාර්යාල සේවක සේවිකාවන් බොහෝ දෙනකු පිටතට පැමිණ ඇත.

නමුත් වහාම ක්‍රියාත්මක වූ කාර්යාල සේවකයන් විසින්ම ඒ ආසන්නයේ තිබූ ගිනි නිවීමේ උපකරණයක් ද භාවිතා කර එම ස්ථානයේ ගින්නක් හටගැනීම වළක්වා තිබේ. එය ඉතාමත් ඉක්මණින් සිදුවූ ක්‍රියාවකි.

මේ ස්ථානයට ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථයක් ද පැමිණ ඇතත් ඒ වනවිට කිසිදු ගින්නක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තිබී නැත. ගිනිගැනීමේ අනතුරු ද පහව ගොස් තිබේ.

මේ ස්ථානයට පොලිස් නිලධාරීන් පවා පැමිණ ඇත.

නමුත් අද මෙරට මාධ්‍ය වාර්තාකර ඇත්තේ “ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගත් බවයි”

Related articles

Recent articles

spot_img