-5.9 C
New York

පාලන මිල ඉවත්කිරීම හේතුවෙන් සමාගම් රැසක කොටස් සඳහා ඉල්ලුම වැඩි වෙයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දිනයේ ගනුදෙනු 31,045ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 2,577ක් බවට පත්විය. අද දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 29කින් පහළ ගිය අතර දිනය අවසානයේ එය ඒකක 9,649ක් බවට පත්විය.

වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 304යි, ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 239යි, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 185යි ලෙස ද වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 15යි, ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 9.8යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 9.3යි ලෙස ප්‍රමුඛ විය.

වැඩිම ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය සමාගම් අතර ඇග්ස්ටාර් පොහොර සමාගම 23%කින් ද, ලාෆ් ගෑස් (ඡන්ද බලය රහිත) 21%කින් ද, ටෙක්ඇග්‍රෝ (ඡන්ද බලය රහිත) 20%කින් ද ප්‍රධාන විය.

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස රුපියල් බිලියන 371ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම පළමු ස්ථානයේ ද, රුපියල් බිලියන 288ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලියන 199ක් වාර්තා කළ කර්මෂල් ලීසිං සමාගම දෙවැනි ස්ථානයට ද පත්විය.

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම් ලෙස හැටන් නැෂනල් බැංකුව කොටස් 406,000ක් රුපියල් 149.00 බැගින් ද, එන්ඩීබී බැංකුව කොටස් 645,000ක් රුපියල් 77.00 බැගින් ද, රෝයල් සෙරමික් සමාගම කොටස් 516,000ක් රුපියල් 47.50 බැගින් ද හුවමාරු විය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 40ක කොටස් මිල දී ගෙන ඇති අතර මිලියන 149ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස රුපියල් මිලියන 109ක මුදලක් අද දිනය තුළ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් විදේශිකයන් විසින් ඉවත් කරගෙන ඇත.

ඒ අනුව අද දිනය දක්වා මේ වසර තුළ දී පමණක් විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් බිලියන 45.258ක් ඉවත් කරගෙන ඇත. අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර ‍ෆීඒකර් ෆාර්ම් රුපියල් මිලියන 21යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 08යි, එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 02යි ලෙස ද, විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 65යි, ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 28යි, කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 15යි ලෙස කැපී පෙණිනි.

රජය පාලන මිල ඉවත් කිරීම හේතුවෙන් මිල ගණන් ඉහළ ගිය කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති, ගෑස් සහ ඛනිජ තෙල් සමාගම්වල කොටස් මිල අද ගනුදෙනු අතරතුර ඉහළ යන ලදී.

Related articles

Recent articles

spot_img