-5.9 C
New York

දෙරණට ශබ්ද උපකරණ ගෙනයන ලොරියක කාරයක් හැපී රථ දෙකම ගිනිගනී (වීඩියෝ සහිතයි)

Published:

දෙරණ නාලිකාවේ වැඩසටහනකට අවශ්‍ය ශබ්ද උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දෙල්කඳ ප්‍රදේශයේ නවතා තිබිය දී ඊයේ (10) රාත්‍රී එහි ගැටුණු කාරයක් ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

දෙරණ නාලිකාවේ පටිගත කිරීමේ මැදිරියක් අසළ මෙම ලොරි රථය නවතා තිබී ඇත.

මෙලෙස අනතුරට හේතු වී ඇත්තේ බෙන්ස් කාරයකි. රියදුරාට එහි වේගය පාලනය කරගත නොහැකිව අසළ ඇති තාප්පයක ද වැදී ලොරියේ ගැටී ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත. කාරයේ සිටි දෙදෙනකු අනතුරින් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.

කාරය සහ ලොරිය ගින්නෙන් විනාශ වී ඇත.

ඡායාරූප – Udari Ayodhika Gejat Virani (Nugegoda), Saranie Liyanaarachchi (Nugegoda) & James de Silva (Nugegoda)

Related articles

Recent articles

spot_img