-4.8 C
New York

ගෑස්, ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කරයි

Published:

මෙරට ඉතිහාසයේ ගෑස් සිලින්ඩරයක් මිල ඉහළ දැමූ වැඩිම ප්‍රමාණයෙන් ඉහළ දමමින් ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ සිලින්ඩරයක් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 2,750.00ක් දක්වා ඉහළ දැමිණි.

ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල එකවර රුපියල් 1,257.00කින් ඉළ දමා ඇත. කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් කොළඹ දිස්ත්‍රික්කය තුළ මීට පෙර අළෙවි වූයේ රුපියල් 1,493.00ක මුදලකටය.

මේ අතර කිලෝ ග්‍රෑම් 05ක සිලින්ඩරයක් රුපියල් 503.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,101.00කි, කිලෝ ග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 231.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 520.00ක් වෙයි.

ලාෆ් සමාගම පවසන්නේ එම සමාගම නව මිල තවමත් තීරණය කර නැති බවයි.

Related articles

Recent articles

spot_img