-5.9 C
New York

ගැබිනියක් කොරෝනා ආසාදිතව වුවහොත් රෝහල්ගත වීම අනිවාර්ය කරයි

Published:

ගැබිනි කාන්තාවක් කොරෝනා ආසාදිත වුවහොත් අනිවාර්යයෙන් ම රෝහල්ගත කර ප්‍රතිකාර කළ යුතු යැයි සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ මේ වනවිට කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාවන් සංඛ්‍යාව ද අඩු වී ඇති බවයි.

පවුල් ස‍ෞඛ්‍ය කාර්යාංශයේ අධයක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මෙසේ කීවාය.

“ කොරෝනා ආසාදනය වන සියලුම ගැබිනි මවුවරු රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දිය යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා. අපිට එවැනි ගැබිනි කාන්තාවන් රෝහල් ගතකිරීමේ ඉඩ පහසුකම් තියෙනවා. රෝහල් පද්ධතිය ඊට සූදානම් කර තිබෙනවා. ඒ අනුව මේ තීරණය ගත්තා.”

Related articles

Recent articles

spot_img